දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ මාතර, කොළඹ පෞද්ගලික බස් වර්ජනයක

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සියලුම පෞද්ගලික බස් රථ සහ මාතර සිට කොළඹ බලා ධාවනය වන සියලුම බස් රථ අද (20) උදෑසන සිට වර්ජනයක නිරත වන බව වාර්තාකරු ව‌ෙයි.

ඊයේ (19) අම්බලන්ගොඩ ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් හේතුවන් හා ගමනාගමන කොම්ෂන් සභාවේ සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් විරෝධය දැක්වීම සඳහා මෙලෙස වර්ජනයක නිරත වන බව වර්ජකයන් සඳහන් කළේය.

වර්ජකයන් පවසන්නේ පහරදුන් පුද්ගලයා තවමත් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

Exit mobile version