ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ක්‍රියාත්මක තැපැල් වෘත්තිය සමිති සේවක වැඩ වර්ජනයේ 12 වන දිනය අදයි.
මෙම වර්ජනය සඳහා තවත් වෘත්තිය සමිති කිහිපයක්ම සහය පළකර තිබේ.
තැපැල් සේවකයන්ගේ යෝජිත වැටුප් තල අද දිනයේ කොමිසම වෙත ඉදිරිපත් කිරිමට අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර ඒ සඳහා අවශ්‍ය අනුමැතිය නොලැබුණහොත් වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරිමටත්, වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කිරිමටත් පියවර ගන්නා බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ කාරියවසම් මහතා සඳහන් කරයි.
මේ අතර තම ගැටළු සම්බන්ධයෙන් පක්ෂ මූලාස්ථානය වෙත ගොස් සියළුම දේශපාලන පක්ෂ දැනුවත් කිරිමට තිරණය කර ඇති බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ.