අද පැය 12ක කාලයක් කොළඹ මහ නගර සභා සීමාවේ ජල සැපයුම අඩු පීඩන තත්ත්වයකින්

අද (23) කොළඹ නාගරික සීමාවේ ජල සැපයුම අඩු පීඩන තත්ත්වයක් යටතේ සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අත්‍යවශ්‍ය ජල නල අලුත්වැඩියාවක් හේතුවෙන් අදාළ ප්‍රදේශයේ ජල සැපයුම අඩු පීඩන තත්ත්වයක් යටතේ සිදුකෙරෙනු ඇති බවයි එම මණ්ඩලය පවසන්නේ.

අද දහවල් 12.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 12ක කාලයක් කොළඹ මහ නගර සභා සීමාවේ ජල සැපයුම අඩු පීඩන තත්ත්වයක් යටතේ සිදුකෙරෙන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Exit mobile version