හාලිඇල උඩුවර ජල පෝෂිත රක්ෂිතයේ හදිසි ගින්නක්

අද (23) අලුයම හාලිඇල උඩුවර හයේ කණුව ජල පෝෂිත රක්ෂිතයේ ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අක්කර තිහක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ.

මෙම ගිනි ගැනීම නිසා මෙම රක්ෂිතයේ තිබූ වටිනා ඖෂධ පැලෑටි ගසක් සමග ශාඛ විශේෂ රැසක්ද විනාශ වී ඇති බවයි සඳහන් වන්න‌ේ.

හාලිඇල පොලිසිය විසින් මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරයි.

Exit mobile version