පොල් මිළෙහි යම් අඩුවීමක් – අමාත්‍ය නවීන් දිසානායක මහතා

ගම් අතරට අවශ්‍ය පොල් බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ අනුව ලබන සති දෙක තුන ඇතුළත පොල් මිළෙහි යම් අඩුවීමක් බලාපොරොත්තු වන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසුයේ, අද (28) දා සෙත්සිරිපාය,වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

පොල් මිළ රුපියල් 50 නම් අතරමැදියා නිසා පොල් ගෙඩියක් රුපියල් 70,80 වෙනවා. අපි ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමඟ සාකච්ඡා කළා විශේෂ වැඩපිළිවෙලක් යොදවන්න. අපි ලබන සතියේදී ඒකට කැබිනට් පත්‍රිකාවක් යොදවනවා. විශේෂයෙන්ම ඒ ඒ ගම් අතරට අවශ්‍ය පොල් බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න  බලාපොරොත්තු වන බවත් ඔහු පැවසුවේය.

Exit mobile version