Home දේශීය පුවත් පාතාල ක්‍රියාකාරකම් අනිවාර්යෙන්ම මර්දනය කළ යුතුයි – නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුයි

පාතාල ක්‍රියාකාරකම් අනිවාර්යෙන්ම මර්දනය කළ යුතුයි – නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුයි

0
පාතාල ක්‍රියාකාරකම් අනිවාර්යෙන්ම මර්දනය කළ යුතුයි – නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුයි

විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මේ දිනවල වාර්තාවන පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් පවසා සිටි‌යේ,

මේ පාතාල සිද්ධීන් ඉස්මතු වීම මේ දිනවල සිද්ධ වෙනවා. ඒක අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා. මේක අනිවාර්යෙන්ම මර්දනය කළ යුතුයි. ඒ සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඉතා කඩිනමින් සිදුකළ යුතුයි. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා නීතිය තදින් ක්‍රියාත්මක කරන්න. අපි කතාවට කියනවා එල්ලුම්ගහ ක්‍රියාත්මක කරන්න ඕනි කියලා. ඒ වගේ දැඩි දඩුවම් ක්‍රියාත්මක කරන්න ඕනි. දැන් ඝාතන කරන අය අත්අඩංගුවට ගෙන මාස 6න් ඇප ලැබිලා එළියට ඇවිත් ආයෙත් ඝාතන කරනවා. ජීවිතාන්තය දක්වා හිරදඩුවම් ලබපු අය ඇතුළේ ඉදන් පාතාල කණ්ඩායම් මෙහෙය වනවා. ඇතුළේ දුරකතන පාවිච්චි කරනවා. ඇතුළේ මත් වෙළදාම් කරනවා. අද හිරේ යන එක හොදයි සමහරුන්ට ඇතුළේ ඉදන් මොකක්හරි ව්‍යාපාරයක් කරගන්න පුළුවන්. මේවා පිරිසිදු කරලා අපි නීතියක් ඇති රටක් බවට මේ රට පත්කරන්න අවශ්‍යයි යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version