පොසොන් සතිය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලූම සුරාසැල් වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
පොසොන් සතිය ලෙස නම් කර තිබෙන මේ මස 24 සිට 30 දක්වා කාලය තුළ වැඩි මිළට හෝ සාමාන්‍ය මිළට මත්පැන් අලෙවි කරන මත්පැන් හල් වල බලපත්‍ර අනිවාර්යෙන්ම අහෝසි කෙරේ.
ඒ වගේම මත්පැන් හල් වසා තැබිය යුතු දිවනල මත්පැන් අලෙවි කරන මත්පැන් හල් හිමියන්ට රුපියල් ලක්ෂ හයේ සිට පහලොව දක්වා විශාල දඩ මුදලක් අය කෙරේ.
පොසොන් සතිය නිමිත්තෙන් දැනටමත් සුරාබදු වැටලීම් වැඩි කර තිබේ.