අම‌ෙරිකා ජනාධිපති ‌ට්‍රම්ප් සහ රැසියානු ජනාධිපති අතර නිල හමුවක් නුදුරේදීම

අම‌ෙරිකා ජනාධිපති ‌ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රැසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් අතර නිල හමුවක් පැවැත්වෙන බවට එකඟතාවයකට පැමිණ තිබේ.

අම‌ෙරිකා ජනාධිපති ‌ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රැසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් අතර නුදුරේදීම පැවැත්වනෙ බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

අම‌ෙරිකාවේ ආරක්ෂක උපදේශක ‌ජොන් බ‌ොල්ටන් සහ රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් අතර පසුගියදා පැවැති හමුවේදී ද‌ෙ‌රට අතර නිල සංචාරය පිළිබඳ සාකච්ඡා කර ඇති බවයි විද‌ෙ‌ස් මාධ්‍ය වාර්තා සඳහන් කළ‌ේ.

එහිදි රැසියානු විද‌ේශ කටයුතු උපද‌ේශක යුරි උයුෂාක‌ෝ මාධ්‍ය ව‌ෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ ද‌ෙ‌රට රාජ්‍ය නායකයන්ගේ හමුව තුන්වන රටක සිදුවන බවයි‍.

ද‌ෙරට අතර සිදුවන ප්‍රථම හමුවට සුදානම් වීම‌ට සති කිහිපයක් අවශය බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

එම හමුවේදී අම‌ෙරිකා රුසියානු සබඳතා වර්ධනය කර ගැනීමත්, ජාතික ආරාක්ෂාව පිළිබඳව සාකච්ඡා කිරිමට බලාප‌ොර‌ොත්තුව‌ෙන් ඇති බවත් සඳහන්.

Exit mobile version