විකෘති කල හඬපට ඇතුළත් සීඩී පර්පෙචුවල් සමාගම බැඳුම්කර කොමිසමට බාර දීලා

ජනාධිපති බැඳුම්කර කොමිසම විසින් කරන ලද නියෝගය අනුව, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලැබුණු දුරකථන හඬපටවල ඇතැම් සංවාද විකෘති කර මකා දැමීමෙන් අනතුරුව කොමිසම වෙත බාර දී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටිය රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිනි ගිරිහාගම මෙනවිය විසින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට දැනුම් දී තිබේ.

බැඳුම්කර කොමිසමෙන් ලබා ගත් එකී දුරකථන සංවාද ඇතුළත් හඬපට 4 හා පර්පෙචවල් ට්‍රෙෂරීස් සමාගමේ අනුකූලතා නිලධාරීනි විජේවදනී ජේසුදාසන් මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් හඬ පට 4ක් ද රජයේ රසපරීක්ෂක වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට ද කොටුව මහේස්ත්‍රාත්වරිය අද නියෝග කර තිබේ.

Exit mobile version