ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් ප්‍රදේශයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් 19 ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ ජලාලාබාද් ප්‍රදේශයේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 19 දෙනෙකු මියගොස් තිබෙන බව විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එරට ජනාධිපති අෂ්රෆ් ඝානි මුණගැසීමට යමින් සිටි දූත පිරිසක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.

ප්‍රහාරයේ වගකීම අයි.එස්. ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන ති‌බේ.

Exit mobile version