ජාතික ආණ්ඩුව‌ෙන් ඉවත් වු 16 ද‌ෙනාගේ කණ්ඩායම සහ හිටපු ජනපති අතර හමුවක් අද

ජාතික ආණ්ඩුව‌ෙන් ඉවත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 ද‌ෙනාගේ කණ්ඩායම අද (02) පස්වරු 4.00හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතයි.

එම හමුව‌ෙ‌න් අනතුරුව ඉදිරි කටයුතු පිළිබඳ තීරණ රැසකට එළඹීමට 16 ද‌ෙනාගේ කණ්ඩායමේ සාමාජිකයින් සුදානමින් පසුව‌ෙයි.

හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී ම‌ෙම විශ‌ේෂ හමුව සිදු කිරිමට කටයුතු ය‌ොදා තිබෙන බවටයි ත‌ොරතුරු වාර්තා වන්න‍ේ.

16 ද‌ෙනාගේ කණ්ඩායම ඉදිරියේදී කටයුතු කරන ආකාරය පිළිබඳව ම‌ෙහිිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරිමට සුදානම්ව පසුවන බවයි අප කළ විමසුමක දී W.D.J ස‌ෙන‌ෙවිරත්න මන්ත්‍රීවරයා පැවසුවේය.

Exit mobile version