කෘෂිකාර්මික පර්යේෂණ සංවර්ධනය උදෙසා මිචිගන් විශ්වවිද්‍යාලයේ සහයෝගය

ශ්‍රී ලංකාවේ කෘෂි අංශයේ සිදු කෙරෙන පර්යේෂණ තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා ඇමරිකන් එක්සත් ජනපදයේ මිචිගන් විශ්වවිද්‍යාලයේ සහයෝගය පල වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
මීට අදාල අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම මිචිගන් විශ්වවිද්‍යාලයේ දී සිදු කෙරුණු අතර එම ගිවිසුමට අත්සන් තැබීම ශ්‍රී ලංකාව වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ කෘෂි පර්යේෂණ සභාවේ ජෙරී ජයවර්ධන මහත්වරුද, මිචිගන් විශ්වවිද්‍යාලය වෙනුවෙන් එහි කෘෂිකාර්මික හා ස්වභාවික සම්පත් අධ්‍යයන අංශයේ පීඨාධීපති රොනල්ඩ් එල් හෙන්ඩ්‍රික් සහ ජාත්‍යන්තර අධ්‍යයන සහ ව්‍යාපෘති අංශයේ පීඨාධීපති ස්ටිවන් ඩී හැන්සන් මහතාත් අත්සන් කළහ.
Exit mobile version