රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

අද (04) උදෑසන දෙයියන්දර – හක්මන මාර්ගයේ – පිටවල්ගමුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

පොලිසිය සඳහන් කළේ, දෙයියන්දර සිට හක්මන දෙසට ධාවනය කරමින් තිබූ ලංගම බස් රථයක ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

ම‌ෙ‌‌සේ ජිවිතක්ෂයට පත්වි ඇත්තේ යතුරුපැදියේ ගමන්ගත් අවුරුදු 16ක සහ අවුරුදු 19ක් වයසැති පාසල් සිසුන් දෙදෙනෙකි.

Exit mobile version