රාජ්‍ය පරිපාලන සේවා විවෘත තරග විභාගයේ බුද්ධි පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍රය නැවත පැවැත්වීමේ තීරණයක්

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග කොමසාරිස් ජනරාල් ඩබ්. එම්. එන්. ජේ පුෂ්පකුමාර මහතාට නියෝග කර ඇත්තේ රාජ්‍ය පරිපාලන සේවා විවෘත තරග විභාගයේ බුද්ධි පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍රය අවලංගුකොට නැවත ඒ සඳහා විභාගයක් පවත්වන ලෙසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ පර්යේෂණයට  අදාළ විමර්ශන වාර්තාව ද සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබෙන්නේ  ඊයේ (28) විභාග දෙපාර්තමේන්තුව ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් සමඟ සිය නිල කාර්යාලයේ දී පැවති රැස්වීමකින් අනතුරුවයි.

පසුගිය දා පැවති රාජ්‍ය පරිපාලන විවෘත තරග විභාගයේ ප්‍රශ්න පත්‍ර 05 අතරින් බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයේ අඩංගු වූ ප්‍රශ්න කිහිපයක් පසුගිය ප්‍රශ්න පත්‍ර කිහිපයකින් උපුටාගත් බවට තොරතුරු ලැබී තිබූ බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විභාග කොමසාරිස්වරයාට දෙනු ලැබූ උපදෙස් පරිදි මෙම පර්යේෂණය සිදු කර අදාල විමර්ශන වාර්තාව සම්පාදනය කර ඇත.

 

Exit mobile version