Home දේශීය පුවත් අති දුෂ්කර ප්‍රදේශවල අනාරක්ෂිත ඒදඩු පාලම් වෙනුවට ආරක්ෂිත පාලම් හඳුන්වා දෙයි

අති දුෂ්කර ප්‍රදේශවල අනාරක්ෂිත ඒදඩු පාලම් වෙනුවට ආරක්ෂිත පාලම් හඳුන්වා දෙයි

0
අති දුෂ්කර ප්‍රදේශවල අනාරක්ෂිත ඒදඩු පාලම් වෙනුවට ආරක්ෂිත පාලම් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ අති දුෂ්කර ප්‍රදේශවල අනාරක්ෂිත ඒදඩු පාලම් වෙනුවට NERDC (නර්ඩ්) ආයතනයෙන් ආරක්ෂිත පාලම් හඳුන්වා දී ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ වරලත් සිවිල් ඉංජිනේරු  ජේ.ඒ.සී. ක්‍රිෂාන්ති මහත්මිය පැවසීය.

මේ වැඩසටහන යටතේ ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි  පාලම් 1,000 ක් ඉදිකිරීමට පියවර ගෙන ඇත.

ෆෙරෝ සිමෙන්ති භාවිතයෙන් මෙම අඩිපාලම් ඉදිකෙරෙන අතර එය RCC කොන්ක්‍රීට් හෝ වානේවලට සාපේක්ෂව ඉතා වියදම් අඩුය.

අඩි 30 දක්වා දිගින් යුක්තව නිර්මාණය කරන ලද මෙම පාලම් මෙම ආයතනය මගින් යතුරු පැදි , ත්‍රී වීලර් හා කුඩා ලොර් රථ දක්වා ධාවනය කල හැකි ආකාරයෙන් නිර්මාණය කළ හැකිය.

යතුරුපැදි ගමන් කළ හැකි ආකාරයේ පාලමක් රු. ලක්ෂ 05 ක මුදලකට ද ත්‍රී විලර් රථයක් ධාවනය කළ හැකි පාලමක් රු. ලක්ෂ 10 ක මුදලකට ද කුඩා ලොරි රථයක් ධාවනය කළ හැකි පාලමක් රු. ලක්ෂ 12 ක ද ඉදිකර දිය හැකි බව ක්‍රිෂාන්ති මහත්මිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version