දඹුල්ල – කුරුණෑගල මාර්ගයේ බස් රථ දෙකක් ගැටී පුද්ගලයින් 60කට තුවාල

දඹුල්ල – කුරුණෑගල මාර්ගයේ ගොකරැල්ල ප්‍රදේශයේ බස් රථ දෙකක් ගැටී අනතුරකින් පුද්ගලයින් 60 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කරයි.

යාපනයේ සිට ඇඹිලිපිය ගමන් ගත් බස් රථයක් හා ඇඹිලිපිටියේ සිට යාපනය දෙසට ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ මගී ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

Exit mobile version