රථ වාහන වැරදි 33ක් සඳහා වන දඩ මුදල් ලබන 15වන දා සිට ඉහළ දැමීමට පියවර

මෝටර් වාහන පනතට අනුව රථ වාහන වැරදි 33ක් සඳහා නියම කෙරෙන ස්ථානීය දඩ මුදල ලබන 15 වැනිදා සිට ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

පොලීස් මාධ්‍ය ප්‍රකාශක කර්යාලය සදහන් කළ‌ේ, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාශය විසින් අදාළ රථ වාහන වැරදි සම්බන්ධයෙන් වන දඩ මුදල සංශෝධනය කර ඇති බවයි.

ඒ අනුව රථ වාහන වැරදි 33ක් සඳහා වු  ස්ථානීය දඩ මුදල සියයට 30ත් 50ත් අතර අගයකින් ඉහළ දමා තිබේ.

අදාළ ගාස්තු සංශෝධනය මේ වසරේ ජනවාරි මස 15 වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කර ඇත.

Exit mobile version