ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට සිංගප්පූරුවේ මාස 8ක සිර දඬුවමක්

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සහිතව සිංගප්පූරුවට ඇතුල් වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සිංගප්පූරුවේ මාස 8ක සිර දඬුවමකට යටත් කිරීමට එරට අධිකරණය කටයුතු කර ඇත.

ම‌ෙම වරදකරුවන් දෙදෙනා මෙසේ සිංග්පූරුවේදී සිර භාරයට යටත් කර ඇත.

පසුගිය මාසයේදී ඔවුන් සිංගප්පූරුවේ චංගි ගුවන්තොටුපොළේදී එරට ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකාවෙන් පිට රැකියාවක් සඳහා තවත් ශ්‍රී ලාංකිකයෙකුගේම මැදිහත්වීම මත ඔවුන් සිංගප්පූරුවට ව්‍යාජ ගමන් බලපත්‍ර සහිතව පැමිණ තිබේ.

Exit mobile version