සබරගමුවේ ආයුර්වේද වෛද්‍යවරුන්ට ඔසු නිෂ්පාදන යන්ත්‍ර ප්‍රදානය ක‌ෙ‌රේ

රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරු සඳහා ඔසු නිෂ්පාදන යන්ත්‍ර ප්‍රදානය කිරීමට සබරගමුව පළාත් සභාව පියවර ගෙන ඇත.
ඒ යටතේ එම දිස්ත්‍රික්ක දෙකේ පාරම්පරික වෛද්‍යවරුන් හතලිස්දෙදෙනෙකු සඳහා උපකරණ ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගියදා රත්නපුර පිහිටි සමුදි උත්සව ශාලාවේදී පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
පාරම්පරික වෛද්‍යවරුන් සඳහා සිය ඔසු තම නිවස තුළදීම සම්පාදනය කිරීම සඳහා මෙලෙස මෙම උපකරණ ලබා දීමට සබරගමුව පළාත් සභාව කටයුතු කර ඇත. මෙම පාරම්පරික වෛද්‍යවරුන් සර්වාංග, කැඩුම් බිදුම්, පිලිස්සුම්, පිස්සු බලු, අපස්මාර, අක්ෂි, සර්ප විෂ, ගර්භනී රෝග, බාල රෝග, නිල වෙදකම, කැඩුම් වෙදකම, දද, කුෂ්ඨ, අමිල පිත්ත, කූඩලු වෙදකම ඇතුළු රෝග රැසකට ප්‍රතිකාර කරති.
Exit mobile version