ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත ව‌ෙයි

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු මෙරට කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු මෙන් ම නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු ව‌ෙයි.

ඊයේ (10) රාත්‍රීයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදි හේමන්ත වර්ණකුලසූරිය මහතා මිය ගොස් තිබේ.

මිය යන විට ඒ මහතා 74 වන වියේ පසු විය.

ජනාධිපති නීතිඥ හේමන්ත වර්නකුලසූරිය මහතා, සුවිශේෂී නඩු රැසකට සිය දායකත්වය ලබාදී ඇති අතර ජනමාධ්‍ය තුළින්  නීතිය, යුක්තිය, ජනතා පරමාධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පිළිබඳව  ජනතාව දැනුවත් කිරීමට නිරන්තරයෙන් කටයුතු කළ නීති ක්ෂේත්‍රයේ සිටි ප්‍රවීන විද්වතෙකි.

Exit mobile version