මෙරට නිශ්පාදිත ගිනිඅවි තුනක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

මෙරට නිශ්පාදිත ගිනිඅවි තුනක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මොණරාගල දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන රැසක නිලධාරීන් පසුගිය දා සමත් වී ඇත.

මෙම ගිනිඅවි සියඹලාණ්ඩුව, බුත්තල සහ මැදගම යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයන්හීම පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

සැකකරුවන් මොණරාගල සහ සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයන්ට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version