රත්‍රන් තොගයක් සමඟ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අත්අඩංගුවට

ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (11දා) අලුයම කටුනායක ගුවන්තොටුපොළ රේගුව අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මෙරටට නීතිවිරෝධීව රු. එක්කෝටි අනුලක්ෂ අසූ දෙදහස් තිහකට අධික වටිනාකමකින් යුත් රත්‍රන් තොගයක් ගෙන ඒම ‍‍සම්බන්ධයෙනි.

මොහු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගන්නා ලද රත්‍රන් තොගයේ බර කිලෝ ග්‍රෑම් 03යි ග්‍රෑම් 13ක් බවත් සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බවත් ගුවන්තොටුපොළ රේගුව සඳහන් කරයි.

Exit mobile version