අද (11) පස්වරුවේ වැල්ලවාය පොලිස් බල ප්රදේශයේ වැල්ලවාය තණමල්විල ප්රධාන මාර්ගයේ මහවෙළමුල්ල ප්රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
අනතුරින් තුවාල ලබා ඇත්තේ තිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙකු වන අතර ඔවුන් වැල්ලවාය ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එයින් බරපතළ තත්ත්වයෙ සිටි දෙදෙනකු මොණරාගල මහ රෝහලට මාරු කර යවා ඇත.
අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.