න‌ේට‌ෝ සංවිධානය නිය‌ෝජනය කරන රටවල් එම සංවිධානයට ලබා ද‌ෙන මුල්‍යමය දායකත්වය වැඩි කළ යුතුයි – ඇම‌ෙරිකානු ජනාධිපති

ඇම‌ෙරිකානු ජනාධිපති ඩ‌ොනල්ඩ් ට්‍රම්ප් විසින් න‌ේට‌ෝ සංවිධානය නිය‌ෝජනය කරන රටවල් එම සංවිධානයට ලබා ද‌ෙන මුල්‍යමය දායකත්වය වැඩි කළ යුතු බව ප්‍රකාශ කර තිබේ.

න‌ේට‌ෝ සංවිධානය නිය‌ෝජනය කරන රටවල් එම සංවිධානයට ලබා ද‌ෙන මුල්‍යමය දායකත්වය ද‌ෙගුණයකින් වැඩි කළ යුතුු බව ඇම‌ෙරිකානු ජනාධිපති ඩ‌ොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

පසුගිය දා බ්‍රසල්ස් නුවර දී පැවැති න‌ේට‌ෝ සංවිධානයේ විශ‌ේෂ හමුවක දී ‌මේ බව ප්‍රකාශ කළ බව විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

න‌ේට‌ෝ සංවිධාන‌යේ මහල‌ේකම්වරයා පවසා ඇත්තේ සමස්ථ සාමාජිකයින්ග‌ේ දල ද‌ේශීය නිෂ්පාදනයෙන් සියයට 2ක් වත් සංවිධානයේ අරමුණු කරා ලඟාවීමට අවශ්‍ය වන බවයි.

දැනට සංවිධානය නිය‌ෝජනය කරන රටවල් සංවිධානය‌ේ ක්‍රියාකාරීත්වය සඳහා යා‌ෙදවනු ලබන්‌‌න‌ේ දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 4ක ප්‍රමාණයක්.

ම‌ෙම තත්වය මත ඇම‌ෙරිකාවට න‌ේට‌ෝ සංවිධාන‌යේ පැවැත්වීම‌ට වැඩි බරක් දැරීමට සිදුව ති‌බේ.

ඒ අනුවයි න‌ේට‌ෝ රටවල් එම සංවිධානයට සිය දායකත්වය වැඩි කළ යුතු බවට ඇම‌ෙරිකා ජනාධිපති ඩ‌ොනල්ඩ් ට්‍රම්ප් තිරණය කර ඇත්තේ.

Exit mobile version