බුත්තල ප්‍රදේශයේ අනතුරකින් යතුරු පැදිකරු ජීවිතක්ෂයට

බුත්තල පොලිස් බල ප්‍රදේශයේ වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ මහගොඩයාය ප්‍රදේශයේ දී යතුරු පැදියක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

අනතුරින් ජීවිතක්ෂයට පත් වී ඇත්තේ යතුරු පැදියේ ගමන් කළ ඇතිමලේ ප්‍රදේශයේ පදිංචි පනස් හත් හැවිරිදි පුද්ගලය‌ෙකු බව පොලිසිය පවසයි.

වෑන් රථයේ අධික වේගය අනතුරට හේතුව බව පොලිසිය පවසන අතර සැකකාර වෑන් රථ රියදුරු බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (12) සැකකාරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

බුත්තල පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

Exit mobile version