නිති විරෝධි ලෙස පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලයි – සැකකරුවෙකු අත්අඩංගුවට

ගිනිගත්හේන පොල්පිටිය කළුගල වන රක්ෂිතයේ නිති විරෝධි ලෙස පවත්වාගෙන ගිය කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනිමට හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරින් සමත් වි ඇත.

ඊයේ (12) පස්වරු 6.30 ට පමණ එම රක්ෂිතයට ඉතා සුක්ෂම ලෙස ඇතුල් වු සුරාබදු නිලධාරින් සැකකරු මත්පැන් පෙරමින් සිටියදි සැකපිට අත්අඩංගුවට ගැනිමට සමත් වි ඇත.

මෙම වැටලිමේදි ගොඩා ග්‍රෑම් එක් ලක්ෂ අසු පන්දහසක්, පෙරා තිබු කසිප්පු මිලිලීටර් 1600 ක්, සහ කසිප්පු පෙරිමට යොදා ගත් උපකරණ රැසක්ද අත්අඩංගුවට ගත් බව මෙම වැටලිම සිදු කල සුරාබදු නිලධාරින් කියා සිටියේය.

සැකකරු කාලයක් තිස්සේ මෙම නිති විරෝධි මත්පැන් පෙරිමේ ජාවාරම සිදු කර ඇත.

සැකකරු විසින් නිෂ්පාදනය කරන මත් පැන් දැරනියගල, නුවරඑළිය, ගිනිගත්හේන, ලක්ෂපාන යන ප්‍රදේශවලට බෙදා හැර ඇති බව සුරාබදු නිලධාරින් විසින් කරන ලද මුලික පරික්ෂනවලදි අනාවරණය වි ඇත.

Exit mobile version