කටුනායකට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යවයි

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කටුනායකට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපළ වෙත හරවා යවා අැති බව වාර්තා වේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ, ඩුබායි සහ මුම්බායි සිට පැමිණි යානා දෙකක් අද අලුයම එලෙස හරවා යැවූ බවයි.

මේ වන විට එම යානා කටුනායක ගුවන්තොටුපොළ වෙත යළි පැමිණ ඇතැයි ද කාර්යභාර කළමනාකාරවරයා පැවසී ය.

Exit mobile version