බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරු වන විලියම් කුමරු හා කේට් ආදිපාදවරියගේ තෙවැනි දරුවා වන ලුවී කුමරාගේ බෞතිස්ම කිරීමේ උත්සවය පසුගිය දා පැවැත්වුණුු බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ශාන්ත ජේම්ස් මාළිගයේ රාජකීය දේවස්ථානයේ දී මෙම බෞතිස්ම කිරීමේ උත්සවය පැවැත්වුණි.
පස් සාමාජික පවුලක් ලෙස විලියම්-කේට් සිය දරුවන් තිදෙනා සමග නිල වශයෙන් ඡායාරූපයකට පෙනී සිටි පළමු අවස්ථාව ලෙසද මෙය සැලකේ.