සීගිරිය නැරඹීමට පැමිණිමේ දී අයකරන ප්‍රවේශපත් ගාස්තු පිළිබඳ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවෙන් යෝජනාවක්

සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගෙන් අයකරනු ලබන ප්‍රවේශපත් ගාස්තුවෙන් පාසල් ළමයින් නිදහස් කරන ලෙස සහ මධ්‍යම සංස්කෘතික අරමුදලට ලැබෙන ආදායමින් සියයට 25 ක් ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කිරීමට දඹුල්ල ප්‍රාදේශීය සංවර්ධන කමිටුව තීරණය කර ති‌බේ.

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (17) පැවති සංවර්ධන කමිටු රැස්වීමේදී මෙම යෝජනාව ඒකමතිකව සම්මත වී ඇති බව සඳහන් ව‌ෙයි.

Exit mobile version