වතු කම්කරුවන් පිරිසක් ප්‍රවාහනය කළ ප‌ෞද්ගලික බස් රථයක් අනතුරකට

වතු කම්කරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබු ප‌ෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට පත් වී ඇති බව නා‌ෙර්වුඩ් ප‌ොලිසිය සඳහන් කරයි.

අද (19) උදෑසන 8.30 ට පමණ ම‌ෙම අනතුරට පත්වී ඇත්ත‌ේ හැටන් මස්ක‌ෙළිය ප්‍රධාන මාර්ගය‌ේ න‌ොර්වුඩ් වත්ත ප්‍රදේශය‌ේදී ය.

බගවන්තලාවේ සිට මස්ක‌ෙළිය මවුස්සාකැල‌ේ ප්‍රද‌ේශය දක්වා වතු කම්කරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබු ප‌ෞද්ගලික බස් රථයක් ම‌ෙ‌සේ අනතුරට වී ඇත.

ධාවනය ‌වෙමින් තිබු බස් රථයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් අධික ‌වේගයෙන් ධාවනය වු කැබ් රථයට ඉඩ දීමට යාමේදී බස් රථය මාර්ගය‌ෙන් ඉවතට පැන බස් රථයේ ඉදිරිපස ර‌ෝදය කාණුවක් මතට වැටී ම‌ෙ‌ම අනතුර සිදු වී ඇති බවයි නා‌ෙර්වුඩ් ප‌ොලිසිය පැවසු‌වේ.

අනතුර‌ෙන් බස් රථය‌ේ ගමන් ගත් කිසිව‌ෙකුටත් තුවාල සිදුවී න‌ොමැත.

අනතුර පිළිබඳ නා‌ෙර්වුඩ් ප‌ොලිසිය පරීක්ෂණ පවත්වයි.

Exit mobile version