ඉන්ධන ප්‍රවාහන පෞද්ගලික ටැංකි රථහිමියන්ගේ ප්‍රවාහන දීමනාව ඉහළ දමයි

ඉන්ධන ප්‍රවාහන පෞද්ගලික බවුසර් රථ සඳහා ලබාදෙන ප්‍රවාහන දීමනාව ඉහළ නැංවීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඊට එක් හේතුවක් වූයේ ඉන්ධන මිල වැඩි වීමත් සමඟ පෞද්ගලික ටැංකි රථ හිමියන් ට මුහුණ දීමට සිදු වු ආර්ථික අපහසුතාවයි.

ඒ අනුව පසුගිය ජුනි මස 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි පෞද්ගලික බවුසර් රථ සඳහා කිලෝමීටරයකට ගෙවන ප්‍රවාහන දීමනාව ඉහළ නැංවෙන බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේය.

ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් පෞද්ගලික බවුසර් රථ හිමියන් සහ සංස්ථාවේ කළමනාකාරීත්වය අතර පසුගියදා පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ.

Exit mobile version