වැලි ගොඩකට යට වීමෙන් පුද්ගලයෙකු මරුට

මහියංගණය පොලිස් වසමේ, අක්කර 80 ප්‍රදේශයේදී වැලි ගොඩකට යටවීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
ඊයේ (19) මහවැලි ගඟ අසළ කැණිම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස වැලිගොඩකට යටවී ඇති බවයි පොලිසිය සඳහන් කළ‌ේ.
වැලිගොඩට යටවිමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මහියංගණය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ සොරබොර ජනපදය ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකි.
මහියංගණය පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
Exit mobile version