ගොවීන්ට රසායනික පොහොර සඳහා සහනාධාර වැඩපිළිවෙළක්

අද (20) අගුණුකොළපැලැස්ස තණකුඹුරුයායේ කාබනික වී වගාව නිරීක්ෂණය කිරිමට එක්ව‌ෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ,
වස විසෙන් තොර කාබනික ගොවිතැන ශක්තිමත් කිරීම රජයේ මූලික අරමුණ වී ඇති අතර ඒ සඳහා වත්මන් රජය ප්‍රමුඛත්වය ලබාදෙන බවත් ඒ අනුව අප රටේ ගොවීන්ට රසායනික පොහොර සඳහා සහනාධාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා මෙන්ම කාබනික වගාවේ යෙදෙන ගොවීන්ටත් පො‍හොර සහනාධාරය වෙනුවට මුදල් ප්‍රතිපාදන ලබාදීමට රජය තීරණය කර ඇති බවයි.
මේ වන විට අප රටේ කාබනික වී ගොවිතැනේ නිරත වන ගොවීන් ප්‍රමාණය 5000 ඉක්මවයි. කාබනික ගොවිතැන සඳහා අමාත්‍යවරයා ද සාමාජිකත්වය ලබාගෙන තිබේ.
Exit mobile version