ආබාධ සහිතවූවන්ගේ මලල ක්‍රීඩා උත්සවය පැවැත්ව‌ෙයි

පුත්තලම දිස්ත්‍රීක්කයේ ආබාධ සහිත වූවන්ගේ මලල ක්‍රීඩා උත්සවය පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහ විද්‍යාලිය ක්‍රිඩාංගනයේදි පවත්වන ලදි.

පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතාගේ මෙහෙයවිම යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් සමාජ සේවා අංශය සහ ක්‍රිඩා අංශයේ සංවිධානයෙන් මෙම ක්‍රිඩා උත්සවය පවත්වන ලදි.

අබාධිත සහිතවූවන්ගේ දිස්ත්‍රික් මලල ක්‍රීඩා උළෙලේ තරග වදින ලද පළමු ස්ථාන ලබා ගන්නා ක්‍රිඩක, ක්‍රිඩාකාවන් ජාතික මළල ක්‍රිඩා උත්සවයට ඉදිරිපත් කෙරේ. පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල 16 ආවරණ වන පරිදි ආබාධ සහිත බාලක, බාලිකාවන් 300 කට වැඩි පිරිසක් මෙම ක්‍රිඩා උළෙලේ තරග ඉසව් සදහා සහභාගිවිය.

Exit mobile version