කළුතර, රත්නපුර දිස්ත්‍රික්ක වලට තරමක් තද සුළං

දකුණු පළාතේ සහ කළුතර සහ රත්නපුර දිස්ත්‍රීක්ක වල විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (24) නිකුත් කළ නිවේදනය සඳහන් ව‌ෙයි.

ඌව සහ නැගෙනහිර පළාත් වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති වේ.

Exit mobile version