අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අතින් ජපානයේ රැකියා සඳහා ගුවන් ටිකට්පත් පිරිනැමේ

ජපානයේ සීමාවාසීක රැකියා පුහුණුව සඳහා පිටත්වන පුහුණුලාභීන් 10ක් සඳහා අවශ්‍ය ගුවන් ටිකට්පත් ඊයේ (25) විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අතින් ප්‍රදානය කෙරිණි.

මෙම පිරිස ජපානයේ පුහුණුව සඳහා පිටත්වූ දෙවන කණ්ඩායම වන අතර මේ පිරිසට කෘෂි අංශයේ රැකියා පුහුණුව සඳහා කාන්තාවන් තිදෙනෙකුද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා පුහුණුව සඳහා පිරිමි ශ්‍රමිකයින් 7 දෙනෙකුද ඇතුළත් විය.

මොවුන්ගේ වලංගු වීසා කාලය වසර 2ක් වන අතර, මූලික අදියරේදී රු.180,000ක වැටුපක් මෙම පුහුණුලාභීන් සඳහා ලබාදෙනු ලැබේ.

Exit mobile version