දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (31) නිකුත් කළ නිවේදනය‌ේ සඳහන් ව‌ෙයි.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණතරමක් තද වැසි ඇති විය හැක.

අනුරාධපුර සහ වව්නියාව දිස්ත්‍රික්කකවල සිහින් වැසි ඇතිවිය හැක.

ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

හම්බන්තොට, මොනරාගල, අම්පාර, මාතලේ, පොළොන්නරුව, අනුරාධපුර, පුත්තලම සහ මන්නාරම දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනය‌ේ තවදුරටත් සඳහන් ව‌ෙයි.

Exit mobile version