අද (31) උදෑසන සිදු වු රිය අනතුරකින් කාන්තාවක් බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය මුලික රෝහලට ඇතුළත් කළ බව නාවලපිටිය පාෙලිසිය පවසයි.
මෙම අනතුර සිදු වී ඇත්තේ නාවලපිටිය ගිනිගත්‌හේන ප්‍රධාන මාර්ගයේ දෙකේ කණුව හුලංගස්හින්න ප්‍රදේශයේදී යි.
නාවලපිටිය සිට ගිනිගත්‌හේන දක්වා අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථය එම දිශාවටම ගමන් ගත් ලොරි රථයක් අපරීක්ෂාකාරී ලෙස ඉස්සර කර යාමට උත්සහ කිරිමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු බස් රථයේ ගැටී මෙම අනතුර සිදු වී ඇති බවයි අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන නාවලපිටිය පාෙලිසිය පවසන්නේ.