අදත් දිස්ත්‍රික්ක කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද නිකුත් කළ නිවේදන‌යේ සඳහන් ව‌ෙයි.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ඇති විය හැක.

ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

Exit mobile version