අවුරුදු දාහතරක දැරියක් දූෂණය කල පුද්ගලයකු අත්අඩංගුවට

තණමල්විල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු දාහතරක දැරියක් පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනයට ලක් කල සැකකරුවකු තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ති‌බේ.

මේ පිළිබඳව තණමල්විල පොලිසියට ලද තොරතුරක් අනුව බලහරුව ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගත් බව තණමල්විල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු තණමල්විල බලහරුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසි දෙකක පුද්ගලයකු වන බවයි ප‌ොලිසිය සඳහන් කළ‌ේ.

සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල් ගත කර තිබේ.

Exit mobile version