දිස්ත්‍රික්කය කිහිපයකට සවස 2.00 න් පසු වැසි

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (03) නිකුත් කළ නිවේදන‌යේ සඳහන් ව‌ෙයි.

ඌව සහ නැගෙනහිර පළාත්වල සහ මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

යාපනය දිස්ත්‍රික්කයේ සිහින් වැසි ඇති විය හැක.

Exit mobile version