Home දේශීය පුවත් මුලතිව් ප්‍රදේශයේ සිවිල් වැසියන්ට පොල්පැළ බෙදාදීමේ ව්‍යාපෘතියක් යුධ හමුදාවේ සහය‌ෙ‌න්

මුලතිව් ප්‍රදේශයේ සිවිල් වැසියන්ට පොල්පැළ බෙදාදීමේ ව්‍යාපෘතියක් යුධ හමුදාවේ සහය‌ෙ‌න්

0
මුලතිව් ප්‍රදේශයේ සිවිල් වැසියන්ට පොල්පැළ බෙදාදීමේ ව්‍යාපෘතියක් යුධ හමුදාවේ සහය‌ෙ‌න්

උතුරු පලාතට අදාළව මුලතිව් දිස්ති‍්‍රක්කයෙහි පොල් වගාව ව්‍යාප්ත කිරීමේ අරමුණින් හා ප‍්‍රදේශයෙහි පදිංචි සිවිල් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහල දැමීමේ අරමුණින් ප‍්‍රදේශයේ පදිංචි සිවිල් ජනතාවහට පොල් පැල 5000 ක් නොමිලයේ බෙදාදීමේ උත්සවයක් පැවැත්විණි.

මුලතිව් ප්‍රදේශය භාර ආඥාපති ආරක්‍ෂකසේනා මේජර් ජනරාල් ආර් ඩබ් ඩබ් ඒ ඩි බි රාජගුරුගේ මඟ පෙන්විම යටතේ 68 වන සේනාංකයෙහි සේනාංකාධිපති මේජර් ජනරාල් එච්.ආර්.එන් ප්‍රනාන්දුගේ මෙහෙයවීමෙන් සේනාංක මුලස්ථාන ක‍්‍රීඩාංගනයෙහි දී මෙම අවස්ථාව සිදු කෙරිණ.

මෙම වැඩසටහන සදහා අවශ්‍යපොල් පැල 68 වන සේනාංකයෙහි සේනාංකාධිපතිගේ ඉල්ලීම පරිදි පොල් වගාකිරීමේ මණ්ඩලයෙහි සභාපති කපිල යකන්ද්‍රාවලගේ අනුමැතිය මත පොල් වගාකිරීමේ මණ්ඩලයෙහි පාසිකුඩා පැල තවානෙන් ලබා ගෙන ඇත.

පුදුකුඩි, ඉරිප්පු, මැරිටයිමිපත්තු ප‍්‍රදේශිය ලේකම් කොට්ඨාශයන්හී ග‍්‍රාම සේවා වසම් 14 ක පවුල් 147 ක් සදහා පොල්පැල 5000ක අවශ්‍යතාවය පරිදි බෙදාදීම උත්සවාකාරයෙන් සිදුකරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version