සුරියමල්පුර මහල් නිවාසයේ හතරවැනි මහලෙන් ඇද වැටී පුද්ගලය‌ෙකු මරුට

කොළඹ කෙසෙල්වත්ත සුරියමල්පුර මහල් නිවාසයේ හතරවැනි මහලෙන් ඇද වැටී පුද්ගලය‌ෙකු මියගොස් ඇත.

ම‌ෙ‌සේ මරණයට පත්වි ඇත්ත‌ේ හැත්තෑපස් හැවිරිදි පුද්ගලයකු බවයි කෙසෙල්වත්ත පොලිසිය පැවසුවේ.

මියගොස් ඇත්තේ යාපනයේ පදිංචිකරුවකු වන සුබ්‍රමනියම් තෙන්නකරුසු නැමැති පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Exit mobile version