ස්වංක්‍රීය කුඩා පිස්තෝලයක් සමඟ හිටපු ගුවන් නියමුව‌ෙකු අත්අඩංගුවට

බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මි.මි 6.35 වර්ගයේ ස්වංක්‍රීය කුඩා පිස්තෝලයක් ජීව උණ්ඩයක් සහ මැගසීනයක් ගමන් මල්ලක සඟවාගෙන ඩුබායි බලා පිටත්වීමට පැමිණි ජ්‍යෙෂ්ඨ පියාසර ගුවන් නියමුවෙකු අද (6) කටුනායක ජාත්‍යන්තර  ගුවන්තොටුපළ ආරක්ෂක අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබු බව ගුවන්තොටුපළ පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගනු ලැබු සැකකරු 55 වියැති රාජගිරි‌යේ පදිංචිකරුවෙකි.

මොහු මින් පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නියමු කපිතාන්වරයකු ලෙස සේවයේ නියුතුව සිටි අයෙකි.

ඔහු දැනට කෙන්යා ගුවන් සමාගමක රට අභ්‍යන්තර ගුවන් නියමු කපිතාන්වරයකු ලෙස සේවයේ යෙදෙන බවට  පොලීසිය පවසයි.

Exit mobile version