දිස්ත්‍රික්ක කිහිපයකට තද සුළං

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල විශේෂයෙන් දිවයිනට වයඹ සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල  සුළගේ වේගය තරමක් දුරට වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (07) නිකුත් කළ නිවේදනයේ සඳහන් ව‌ෙයි.

මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් ඌව, සබරගමුව, උතුර, උතුරුමැද, දකුණු සහ නැගෙනහිර පළාත්වලත් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ඇති විය හැක.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිහින් වැසි ඇති විය හැක.

Exit mobile version