දකුණු අප්‍රිකා නායකයාට ඉදිරි තරඟ අහිමි වෙයි

දකුණු අප්‍රිකා නායක ෆෆ් ඩූ ප්ලෙසිස්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ඉදිරි එක්දින ක්‍රිකට් තරග 2 හා පන්දුවාර විස්සයි ක්‍රිකට් තරගය අහිමි වී තිබේ.

ඒ ඔහුගේ අතෙහි ඇතිව තිබෙන ආබාධ තත්ත්වයක් හේතුවෙනි.

ශ්‍රී ලංකාව සමග නිමා වූ තුන්වන එක්දින ක්‍රිකට් තරගයේදී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේ දී ෆෆ් ඩු ප්ලෙසිස් එලෙස ආබාධයට ලක්විය.

Exit mobile version