තල්පිටිගල ජලාශයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට රජය සැලසුම් කරයි

ඇමරිකානු ඩොලර් මිලියන 174ක් ආයෝජනය කරමින් බදුල්ල දිස්ත‍්‍රික්කයේ පිහිටි බත්මැඩිල්ල අමුණට ඉහළින් උමාඔය හරස් කර තල්පිටිගල ජලාශයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට රජය සැලසුම් කොට ඇත.

සමස්ථ ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැයෙන් 85%ක් සඳහා අරමුදල් සැපයීමට චීනයේ අපනයන ආනයන බැංකුව එකගවී තිබේ.

යෝජිත තල්පිටිගල ජලාශය මගින් බත්මැඩිල්ල ව්‍යාපාරය සඳහා වාරි ජලය සැපයීමට අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය මගින් කන්දකැටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වාසනාගම, මඩුල්ල, තැටිල්ල සහ බෙරමඩ යන ගම්මානවලට පානීය ජලය සැපයීමටත්, ගිගාවොට් පැය 51 ක ජල විදුලිබලයක් වාර්ෂිකව උත්පාදනය කිරීමටත් සැලසුම් කර තිබේ.

Exit mobile version