ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් අංසක දොඩංවල මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි

අභාවප‍්‍රාප්ත ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් අසංක දොඩංවල මහතාගේ දේහයට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති මහනුවර, රිවර්ඩේල් මාවතේ නිවසට ඊයේ (07) පස්වරුවේ ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් සහ සමීපතමයන් සියලු දෙනා වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.

මිය යන විට අසංක දොඩංවල මහතා ජනාධිපතිතුමා යටතේ පවතින අමාත්‍යාංශවල සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළේය.

මහනුවර නගර සභාවේ හිටපු නියෝජ්‍ය පුරපතිවරයා ලෙස මහනුවර නගර සංවර්ධනයට විශාල දායකත්වයක් සැපයූ ඒ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ති‍්‍රක් සංවිධායකවරයෙකු ලෙස ද කටයුතු කර තිබේ.

Exit mobile version