යක්කලමුල්ල‌ේ පිහි ඇනුමකින් පුද්ගල‌ය‌ෙකු මරුට

යක්කලමුල්ල ප‌ොලිස් වසමේ ඉහළ වල්පල ප්‍රදේශයේදී පිහියකින් කපා ක‌ොටා පුද්ගල‌ය‌ෙකු ඝාතනය කර ති‌‌බේ.

අදාළ පුද්ගලයා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පා‌ෙලිසිය සඳහන් කළ‌ේ.

මෙලෙස මියගොස් ඇත්‌තේ වයස 29ක් වුු මුුුුස්වැන්නවත්ත ඉහළ වල්පල ප්‍රදේශයේ පදිංචි කුමාරවේලු චන්ද්‍රකුමාර යන අයයි.

ඝාතනයට සැකකරුවන් තුන්දෙනෙකු පැමිණ ඇති අතර එම ප්‍රදේශයේම පදිංචි 41 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු බව සඳහන් ව‌ෙයි.

තවත් සැකකරුවෙකු සිද්ධියෙන් තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබන බවත්, අනෙක් සැකකරු පළාගොස් ඇති බවයි ප‌ොලිසිය සඳහන් කළ‌ේ.

ලයිම් කාමරවල ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇතැයි මුලික විමර්ශනවලදී හෙළිවී ඇත.

සිද්ධිය සම්බන්ධය‌ෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි‍.

Exit mobile version