Home දේශීය පුවත් දුම්රිය වැඩ වර්ජනය මෙරට වෘත්තිය සමිති ඉතිහාසයේ කළු පැල්ලමක් – වෘත්තීය සමිති ත්‍රස්තවාදය පරාජය කරමු

දුම්රිය වැඩ වර්ජනය මෙරට වෘත්තිය සමිති ඉතිහාසයේ කළු පැල්ලමක් – වෘත්තීය සමිති ත්‍රස්තවාදය පරාජය කරමු

0
දුම්රිය වැඩ වර්ජනය මෙරට වෘත්තිය සමිති ඉතිහාසයේ කළු පැල්ලමක් – වෘත්තීය සමිති ත්‍රස්තවාදය පරාජය කරමු

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් විසින් ඊයේ (08) සවස දියත් කරන ලද හදිසි වැඩ වර්ජනය මෙරට වෘත්තිය සමිති ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙස හැඳින්විය හැකිය.

සේවය නිම වී නිවෙස් බලා යන දස දහස් ගණනක් මගීන් මෙන්ම මේ දිනවල අපොස උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසු සිසුවියන් විශාල පිරිසක් ද මෙම හදිසි එමෙන්ම අනපේක්ෂිත වැඩ වර්ජනය නිසා අපහසුතාවට පත් වූ බව අමුතුවෙන් කිව යුතු නැත.

ඊයේ දිනයේ මෙම වෘත්තීය සමිති පෙන්නුම් කළේ අන් කිසිවක් නොව වෘත්තීය සමිති ත්‍රස්තවාදයයිඑනම් වෘත්තීය සමිතිවල පටු අරමුණු සමාජයේ අන් සියලුම දේට වඩා ඉහළින් සළකනතමන්ගේ වුවමනා හැරෙන්නට අන් සියල්ලන්ගේම වුවමනා එපාකම් වැදගත් නැතැයි සිතන නිර්ලජ්ජිතකුහක මානසිකත්වයයි.

අප රටක් වශයෙන් එකතු වී, තිස් වසරක් තිස්සේ ම මෙරට විනාශ මුඛයට ඇද දැමූ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කළ ආකාරයටම මෙම වෘත්තීය සමිති ත්‍රස්තවාදය මතවාදීමය වශයෙනුත් ප්‍රායෝගික තලයේත් පරාජය කිරීමට කාලය එළඹ ඇත.

වෘත්තීය සමිති සහ ඔවුන්ගේ අයිතිවාසිකම්වලට අප උපරිමයෙන් ගරු කරන අතර වෘත්තීය සමිතිවලද වගකීම වන්නේ සදාචාරමය සහ ආචාර ධර්මික රාමුවක් තුළ සිය කටයුතු සිදු කිරීමයි.

දීර්ඝ රාජකාරි දිනයකින් පසුව නිවෙස් බලා යන මගීන් සහ සිය ජීවිතයේ ඉතාම වැදගත් කඩ ඉම් විභාගයකට පෙනී සිටින දරු දැරියන්ගේ හිසට තුවක්කුව තබා සිය ඉල්ලීම් ඉටු කරන ලෙස ඉල්ලීම මෙම කිසිම සදාචාරමය හෝ ආචාර ධර්මික රාමුවකට අයත් නොවේ. 
වැඩ වර්ජනයක් දියත් කිරීම වෘත්තීය සමිතියක අවසන් උපායමාර්ගය විය යුතු අතර කිසි ලෙසකවත් එය තමන් සතු පළමු ආයුධය ලෙස පාවිච්චි නොකළ යුතුය.
ඊයේ දිනයේ කොටුව දුම්රිය ස්ථානය හා ඒ අවට දුම්රිය මගීන් විසින් සිදු කරන ලද විරෝධතාව ද අප තේරුම් ගත යුත්තේ ඒ පසුබිම තුළය. ඔවුන්ගේ කෝපය සහ අප්‍රසාදය තේරුම් ගැනීමට හැකි වුවත් වග කිව යුතු රජයක් විදියට අප මහජනතාවගේ මෙන්ම වර්ජකයන්ගේ ද ආරක්ෂාව තහවුරු කිරීමටත්ඔවුන් සුරක්ෂිතව නිවෙස් කරා යැවීමටත් අවශ්‍ය පියවර ගත යුතුය. පොලිස් විශේෂ කාර්‍ය බලකාය පවා යොදවා එම උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීමය අප උපරිම ක්‍රියාමාර්ග ගත්තේ එම කරුණු මුල් කර ගෙනය.

ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම උදෙසා අප රජයට ඇති කැපවීම දුර්වලකමක් සේ සැලකිය නොයුතු අතර මෙම වෘත්තීය සමිති ත්‍රස්තවාදය පරාජය කොට ජනජීවිතය යථා තත්ත්වයට ගෙන ඒමට අප උපරිමයෙන් කැප වන බව ද අවධාරණය කළ යුතුය. ඒ සඳහා රජයට උපරිම සහයෝගය ලබා දෙන ලෙස අප ජනතාවගෙන් ද ඉල්ලා සිටිමු.

සාගල රත්නායක (පා.ම.)
අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී
තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version